රුසියානු රජය විසින් WhatsApp සම්පූර්ණයෙන් තහනම් කිරීමට සැලසුම් කර ඇති බව Meta සඳහන් කරනවා.
රුසියාවේ වෙසෙන සිය මිලියන 100කට අධික පරිශීලකයින් “රජය සතු නිරීක්ෂණ යෙදුමක්” වෙත යොමු කිරීම මෙම පියවරේ අරමුණ බවයි ඔවුන් සඳහන් කරන්නේ.
එම යෙදුම MAX ලෙස නම් කර තිබෙනවා.
රුසියාව Meta අන්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇති බැවින් WhatsApp සම්පූර්ණයෙන් අවහිර කිරීම වැනි පියවර සම්පූර්ණයෙන්ම යුක්ති සහගත බවයි රුසියානු නිලධාරියෙකු වන Andrei Svintsov සඳහන් කළේ.
Instagram සහ Facebook වැනි Meta යෙදුම් දැනටම රුසියාවේ අවහිර කර ඇති අතර VPN හරහා පමණක් ඒවාට ප්රවේශ විය හැකි වනවා.
ආරක්ෂාව පිළිබඳ ගැටලු පවතින බව පවසමින් ටෙලිග්රෑම් (Telegram) යෙදුම සඳහා වූ ප්රවේශය ද තවදුරටත් සීමා කිරීමට රුසියානු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

