සංචාරක පැමිණීම ඉහළ ගියත් ආදායම පහළට

ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම 2026 ජනවාරි මාසයේදී ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කළද, සංචාරක ආදායම සියයට 5.6 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත සහ සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ජනවාරි මාසය තුළ සංචාරකයින් 277,327 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර එය පසුගිය වසරේ ජනවාරි මාසයට වඩා සියයට 9ක වර්ධනයක් වනවා.

කෙසේවෙතත් එම කාලය තුළ සංචාරක ආදායම ඩොලර් මිලියන 378.3 දක්වා පහත වැටී තිබෙනවා.

සංචාරකයෙකුගේ දෛනික සාමාන්‍ය වියදම මීට පෙර පැවති ඩොලර් 177 සිට ඩොලර් 148 දක්වා සංශෝධනය කර ඇති බවයි මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පවසා සිටියේ.

කොවිඩ් වසංගතයෙන් පසු ලොව පුරා සංචාරකයින් වියදම් කිරීම අඩු කිරීමේ ප්‍රවණතාවයක් පැවතීම සහ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම මීට ප්‍රධාන හේතුව බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ.