වසරේ මේ දක්වා විදෙස් සංචාරකයින් ලක්ෂ 03කට වැඩියෙන් දිවයිනට

2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 300,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව ජනවාරි මස පළමු දින සිට පෙබරවාරි 04 වැනි දින දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 317,381 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

එම සංචාරකයින් අතර වැඩිම පිරිස ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 57,348ක් වනවා.

එසේ , අ බ්‍රිතාන්‍ය ජාතිකයින් 34,724 දෙනෙකු, රුසියානු ජාතිකයින් 30,951 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 20,272 දෙනෙකු සහ චීන ජාතිකයින් 16,315 දෙනෙකු ද මේ කාලය තුළ දී දිවයිනට පැමිණ තිබෙනවා.

මේ අතර පෙබරවාරි මාසයේ පළමු දින හතර තුළ පමණක් විදෙස් සංචාරකයින් 40,054 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සඳහන්.