ජනවාරි විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 750 ඉක්මවයි

2026 වසරේ ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 751.1ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එසේම 2025 වසරේ ජනවාරි මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 573.0ක් ලෙස වාර්තා වී ඇත.

ඒ අනුව, 2026 වසරේ ජනවාරි මාසයේදී පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 178.1ක ඉහළ යාමක් විදෙස් ප්‍රේෂණවල දක්නට ලැබෙන බවයි මහබැංකු වාර්තාවේ දැක්වෙන්නේ.

තවද, 2026 වසරේ ජනවාරි මාසයේ සංචාරක ආදායම ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 378.3ක් උපයා ඇති බවද එම වාර්තාවේ සඳහන් වනවා.

2025 වසරේ ජනවාරි මාසයේදී ලැබුණු සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 400.7ක් වූ අතර, එය 2026 වසරේ ජනවාරි මාසය සමඟ සැසඳීමේදී සියයට 5.6ක පහළ යාමක් වනවා.