78 වන නිදහස් දින සැමරුම අද

ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා.

අද දිනයේ ශ්‍රී ලංකාව සිය බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදී ස්වෛරී රාජ්‍යයක් බවට පත්වීමේ 78 වන සංවත්සරය සමරනු ලබනවා.

“ගොඩනගමු ශ්‍රී ලංකා” මැයෙන් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර නිදහස් උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නිලධාරීන් 287දෙනෙක්ද සහභාගී වනු ඇත.

එසේම නිදහස් දින ප්‍රධාන අචාර පෙළ පාලිය සඳහා නාවික හමුදාවේ අංශය 8ක් නියෝජනය කරමින් නිලධාරින් එක්වීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසුවා.

ගුවන් හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 62ක් සහ සෙසු නිලයන් 521 දෙනෙකු ඇතුළුව 583 දෙනෙකු එක්වීමට නියමිතයි.