සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා

සර්වඥ ධාතූන් වහන්සේ මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා මෙම මස පස්වන දින උදෑසන 6 සිට (11) වන දින උදෑසන 7 දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

මෙහිදී මහජනතාවට ගංගාරාම විහාරස්ථානයට පැමිණීම සඳහා පහත ස්ථානවල සිට විශේෂ බස් රථ සේවාවක් සපයා ඇත.

ඒ අනුව එම සේවාව ලබා ගත හැකි ස්ථාන පහතින්,

පැරණි එම්.ඕ.ඩී. භූමියේ රථගාල ( M.O.D. PARK)

ලේක් හවුස් වටරවුම අසල රථගාල

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ සිට පැමිණෙන මහජනතාවට පා ගමනින් ලේක් හවුස් වටරවුම අසල රථගාලට පැමිණිය හැක.

කොටුව දුම්රිය ස්ථානයේ සිට පැමිණෙන මහජනතාවට පිටකොටුවට නොගොස් ඩී.ආර්. විජේවර්ධන මාවත ඔස්සේ පා ගමනින් ලේක් හවුස් වටරවුම අසල රථගාලට පැමිණිය හැක.

මෙම බස් රථ සේවාව ලංගම සහ පුද්ගලික බස් රථ මඟින් පැය 24 පුරාම සහනදායි මුදලකට සපයන බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවට දන්වා සිටිනවා.