කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ප්රදර්ශනය කෙරෙන ශ්රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
සැදැහැවතුන් සඳහා දැනට ධාවනය වන දුම්රියවලට අමතර මෙම දුම්රිය ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඒ අනුව එම දුම්රිය අවිස්සාවේල්ල, රඹුක්කන, සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වාත් කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල, රඹුක්කන, සහ අලුත්ගම දක්වාත් ලබන (05) වැනිදා සිට (10) වැනිදා තෙක් ධාවනය කරවීමටයි සැලසුම් කර ඇත.

