ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ අද (31) පස්වරුවේ සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වෙනවා.
මැග්නිටියුඩ් ඒකක 3.5ක භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇති බවයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය පැවසුවේ.
අද පස්වරු 3.49ට මෙම භූ කම්පන තත්ත්වය හට ගෙන ඇත.
එය ඒ අසල ගොඩබිමේ සිටින පිරිස් වෙතද දැනී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

