ඉන්ධන මිල වෙනස් වෙයි

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් දෙකකින් සහ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් දෙකකින් අඩු වී තිබෙනවා.

අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනස් වී නැත.