ඊයේ දිනයට සාපේක්ෂව අද (ජනවාරි 27) දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 306.03 සිට රු. 305.83 දක්වා අඩු වී තිබෙනවා.
මේ අතර, විකුණුම් අනුපාතය ද රු. 313.56 සිට රු. 313.36 දක්වා අඩු වී තිබේ.

