2025 වසරේදී ලාදුරු රෝගීන් 1,282ක්

2025 වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් 1,282 දෙනෙකු වාර්තා වී ඇති බව, ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය යසෝමා වීරසේකර මහත්මිය පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

ඒ අතරින් 10%ක් පමණ එනම් රෝගීන් 123ක්, වයස අවුරුදු 15ට අඩු පාසල් දරුවන් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, නව රෝගීන් වාර්තාවන විටත් 8%ක් පමණ ආබාධිත තත්ත්වයට ලක්ව අවසන් බවද වෛද්‍යවරිය සඳහන් කළා.

“රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන්න රජයේ රෝහල්වල නොමිලේ ප්‍රතිකාර ක්‍රම සියල්ල අපි ස්ථාපිත කරලා තියෙනවා. මේ ප්‍රතිකාර ක්‍රම ලබාදීමේ කිසිම ප්‍රමාදයක් ඇති වීමට අවස්ථාවක් නෑ. මෙතන තියෙන ගැටලුව තමයි ඔවුන් රජයේ රෝහල්වලට, නැත්තන් මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන් වෙතට, කාර්යාල වෙතට යොමු වීමේ පරක්කුවක් තියෙනවා”