අද ඩොලරයේ වටිනාකම

සිකුරාදා දිනයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 305.67 සිට රු. 305.95 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල ද රු. 313.20 සිට රු. 313.49 දක්වා ඉහළ ගොස් තිබෙනවා.