ඔයාගෙත් හිසකෙස් අග පැලෙනවා නම් මේ විදිහට කරලා බලන්න

හිසකෙස් අග පැලීම කියන්නේ ඕනෙම වයසක ඉන්න, සහ කොන්ඩේ ඕනෙම දිගක් තියෙන කෙනෙක් ට ඇති වෙන්න පුළුවන් පොදු දෙයක්. මෙය හිසකෙස්වල පෙනුම අවලස්සන කරනවා පමණක් නොව, කොණ්ඩය දිගු වීමද ප්‍රමාද කරනවා.

කොණ්ඩය පැලීමට හේතු විදිහට ගත්තොත් ප්‍රධානවම මේ කොණ්ඩය අග පැලෙන්න හේතුව ඔබේ වැරදි පුරුදු.

හෙයා ඩ්‍රයර් (Hair dryers), ස්ට්‍රේට්නර් (Straighteners) සහ කර්ලින් අයන් නිතර භාවිතා කිරීම මගින් හිසකෙස් වල ඇති ස්වභාවික තෙතමනය ඉවත් වී වියළි බවට පත්වෙනවා. එතකොට හිසකෙස් අග පැලෙන්න ගොඩක් වැඩි සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේම කොණ්ඩයට නිතරම chemical treatment කිරීම ද හිසකෙස් අග පැලෙන්න හේතුවක් වෙන්න පුළුවන්.

ඒ වගේම තමයි තෙත් කොණ්ඩය ඉතා තදින් පීරීම හෝ අවුල් කැඩීම මගින් කෙස් ගස ඇදීමට ලක්වී අග පැලෙන්න පුළුවන්. නෑමෙන් පසු තුවායකින් තදින් කොණ්ඩය ඇතිල්ලීම නිසාත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්.

ඒ වගේම තමයි පෝෂණය අඩු වීම, හිරුඑළියට වැඩි වෙලාවක් නිරාවරණය වීම නිසාත් හිසකෙස් පැලෙන්න පුළුවන්.

හිසකෙස් අග පැලී ගිය පසු එය නැවත තිබූ තත්ත්වයට පත් කිරීම (Repair) අපහසුය. නමුත් එය තවදුරටත් පැතිරීම වැළැක්වීමට සහ අලුතින් පැලීම පාලනය කිරීමට පහත පියවර අනුගමනය කරන්න පුළුවන්.

මේකට කරන්න පුළුවන් හොදම ප්‍රතිකාරය තමයි trimming කියන්නේ. මාසයකට හෝ මාස දෙකකට සැරයක් හිසකෙස් අගින් ටිකක්, ඒ කියන්නේ අඟලක් වගේ පමණ කපන්න.

ඒ වගේම තෙත පිටින් කොණ්ඩය පිරන්න යන්න එපා . කොණ්ඩය පිරනකොට පලල් දත් ඇති පනාවක් (Wide-tooth comb) භාවිතා කරමින් යට ඉදන් උඩට පීරා ගන්න.

ඒ වගේම dryers, curlers සහ straightners වගේ දේවල් භාවිතා කිරීම අවම කිරීමත් මේවා භාවිතා කරනකොට අනිවාර්යයෙන්ම හොඳ ප්‍රමිතියක Heat Protectant එකක් භාවිතා කිරීමත් කරන්න. එකෙන් ඔයාගේ කොණ්ඩයට වෙන හානිය අවම වෙනවා.

ෂැම්පු කිරීමෙන් පසුව අනිවාර්යයෙන්ම කන්ඩිෂනර් (Conditioner) එකක් භාවිතා කිරීමත් වැදගත් වෙනවා. ඔයාට තියෙන්නේ ගොඩක් dry කොණ්ඩයක් නම් සතියකට වරක් වගේ Deep Conditioning Mask එකක් භාවිතා කරන්න.

කොණ්ඩයට තෙල් දාන එකත් හිසකෙස් අග පැලෙන එක වලක්වා ගන්න උදව් වෙනවා.