අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ භූකම්පනයක්

අමෙරිකාවේ Oregon බටහිර වෙරළ තීරයේ රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් සිදුව තිබෙනවා.

එය එරට වේලාවෙන් පෙරවරු 08.55ට පමණ සිදු වී ඇත.

මෙම කම්පනය කිලෝමීටර 10ක ගැඹුරකින් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

භූකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැත.

එසේම කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර නොමැති බව සඳහන්.