හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබෙනවා.
මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ වන්නේ කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට උපකාරී වූ ස්වභාවධර්මයට සහ සතුන්ට කෘතගුණ දැක්වීමයි.
ඒ අනුව වගාවන් සරුවට වැඩීමට ආලෝකය ලබා දීම වෙනුවෙන් සූර්යයාට ද, ගොවිතැනට අවශ්‍ය ජලය ලබා දීම වෙනුවෙන් වර්ෂාවට ද, සහ ගොවිතැන් කටයුතු සඳහා සහාය වීම වෙනුවෙන් සතුන්ට ද මෙහි දී කෘතවේදිත්වය දක්වනවා.
‘තෛ’ යනු දෙමළ දින දර්ශනයේ ජනවාරි මාසයට යෙදෙන නමයි. ‘පොංගල්’ යන්නෙහි අදහස “උතුර යෑම” හෝ “ඉතිර යෑම” යන්නයි. මුට්ටියක පිසින කිරි උතුරවා හැලී යෑම මගින් අනාගතය සෞභාග්‍යයෙන් සහ සතුටින් පිරී ඉතිරී යන බව සංකේතවත් කරනවා.
එසේම මෙම දිනය හින්දු භක්තිකයින්ගේ නව වසරක උදාව ලෙස සැලකේ.
අද දිනයේ අලුත් මුට්ටියක සහල් සහ කිරි දමා පිසිනු ලබන අතර නිවස කෝලම් රටා අදිමින් අලංකාර කර ගනු ලබනවා.

