ඇමරිකාව වෙනුවට අපි ඩෙන්මාර්කය තෝරා ගන්නවා, ග්‍රීන්ලන්තය කියයි

තේරීමක් අවශ්‍ය වුවහොත් ග්‍රීන්ලන්තය විසින් ඇමරිකාව වෙනුවට ඩෙන්මාර්කය තෝරා ගන්නා බවට ග්‍රීන්ලන්ත අගමැති Jens-Frederik Nielsen ප්‍රකාශ කර තිබෙනවා.

ඩෙන්මාර්කයේ අගමැති සමඟ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ග්‍රීන්ලන්ත අගමැති මේ බව සඳහන් කර තිබෙනවා.

රුසියාවට සහ චීනයට එරෙහිව ආරක්ෂා වීමට ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයට ඈදා ගත යුතුයි යැයි ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර ඇති පසුබිමකයි ග්‍රීන්ලන්ත අගමැති විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ.

ජනාකීර්ණම ප්‍රදේශය වුවද, උතුරු ඇමරිකාව සහ ආක්ටික් ප්‍රදේශය අතර ග්‍රීන්ලන්තයේ පිහිටීම මිසයිල ප්‍රහාර වලදී පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ කලාපයේ යාත්‍රා නිරීක්ෂණය කිරීම සඳහා එය වඩාත් උචිත ස්ථානයක් බවට පත් කර තිබෙනවා.