පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 305.62 සිට රු. 305.53 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල රු. 313.16 සිට රු. 313.07 දක්වා පහත වැටී ඇත.

