මේ වසරේ පළමු දින නවයට සංචාරකයන් 67,762ක් දිවයිනට

2026 වසර ආරම්භ වූ පළමු දින 8 තුළ සංචාරකයින් 67,762 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

එම කාල සීමාව තුළ එක් දිනක වැඩිම සංචාරක පැමිණීම ජනවාරි 6 වන දින වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 9,275ක් ලෙස දැක්වෙනවා.

එසේම මෙම කාලය තුළ වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 11,367ක් වනවා.

ඊට අමතරව රුසියාවෙන් සංචාරකයින් 8,425 දෙනකු, එක්සත් රාජධානියෙන් 6,067 දෙනකු සහ ජර්මනියෙන් 5,306 දෙනකු මෙරටට පැමිණ ඇත.