සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අද

උසස් පෙළ 12 ශ්‍රේණිය සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අද (11) දින පැවැත්වෙනවා.

2025 වසරේ 12 ශ්‍රේණිය වෙනුවෙන් මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය දෙසැම්බර් 06 වැනිදා බවත් ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් එම විභාගය කල් දැමීමට සිදු වුණා.

ඒ අනුව අද දින විභාග මධ්‍යස්ථාන 1665 ක සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වෙනවා.

ඒ සඳහා සිසුන් එක් ලක්ෂ අනූඅටදහස් තුන්සිය තුන් දෙනෙකු (198303)පෙනී සිටිනවා.