ආපදා හේතුවෙන් හානි වූ වී වගාව සඳහා රුපියල් මිලියන හත්දහස් පන්සියයක මුදලක් මේ වන විට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
කුඹුරු හෙක්ටයාර් පනස් දහසකට එම මුදල් ගෙවා ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ.
එසේම තවත් කුඹුරු හෙක්ටයාර් පන්දහසකට අදාළව රුපියල් මිලියන දහසක මුදලක් ගෙවීමට ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

