අත්අඩංගුවට පත් නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අද අධිකරණයට

එක්සත් ජනපදයේ අත්අඩංගුවට පත් නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අද නිව්යෝර්ක් හි මෑන්හැටන් ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ ආයුධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මදුරෝ “මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදී” පාලනයක් පවත්වාගෙන යන බවට එක්සත් ජනපදය චෝදනා කරනවා.

කෙසේවෙතත් මදුරෝ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා.

මේ අතර එක්සත් ජනපදය වෙනිසියුලාව සමඟ යුද්ධයක නොමැති බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අවධාරනය කර තිබෙනවා.

මේ අතර The Atlantic පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ වෙනිසියුලාවේ නව නායිකා ඩෙල්සි රොඩ්‍රිගස් විසින් නිවැරදි ක්‍රියාපිළිවෙතක් අනුගමනය නොකලොත් ඇයට මදුරෝට වඩා විශාල මිලක් ගෙවීමට සිදු වන බවයි.