වෙනිසියුලාවට ප්‍රහාර දියත් කර අල්ලා ගත් වෙනිසියුලාවේ ජනපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට රැගෙන විත් ඇතැයි වාර්තා වෙනවා.
ඔවුන් නිව්යෝර්ක් ප්‍රාන්තයේ ස්ටුවර්ට් එයාර් ජාතික ආරක්ෂක කඳවුරට ගොඩ බැස්ස අතර පසුව හෙලිකොප්ටරයකින් මෑන්හැටන්හි DEA කාර්යාලයට ගෙන යන ලද අතර පසුව බෘක්ලින් හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් තිබෙනවා.
මේ අතර ආරක්ෂිත, නිසි සහ යුක්තිසහගත සංක්‍රාන්තියක් කළ හැකි කාලයක් එනතුරු වෙනිසියුලාවේ පාලනය එක්සත් ජනපදය විසින් ගෙන යනු ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ.
මත්ද්‍රව්‍ය සහ ආයුධ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජනපදය විසින් නිකොලස් මධුරෝට චෝදනා එල්ල කර තිබෙනවා.
කැරකස් හි වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මධුරෝගේ උප ජනාධිපති ලෙස කටයුතු කර ඇති ඩෙල්සි රොඩ්රිගස් අන්තර්කාලීන ජනාධිපති ධුරයට පත් කළ යුතු බවට තීන්දු කර ඇතැයි වාර්තා වෙනවා.
රොඩ්රිගස් එම තනතුරට පත් කිරීම “පරිපාලන අඛණ්ඩතාව සහ ජාතියේ පුළුල් ආරක්ෂාව සහතික කිරීම සඳහා” වැදගත් බව මහාධිකරණය සඳහන් කර ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.

