වෙනිසියුලාවට Elon Musk ගෙන් නොමිලේ Internet

වෙනිසියුලාවට එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව එරටට නොමිලේ අන්තර්ජාල සේවාවන් සැපයීමට Elon Musk ගේ Starlink සමාගම පියවර ගෙන ඇතැයි වාර්තා වෙනවා.

සේවාවන් සඳහා වෙනිසියුලානු ජනතාවට නොමිලේ ප්‍රවේශය ලබා දීමට පියවර ගන්නා බවයි X සටහනක් තබමින් Starlink සඳහන් කර ඇත්තේ.

වෙනිසියුලාවේ අන්තර්ජාලයට රජයේ දැඩි රෙගුලාසි මෙන්ම රට පුරා විසන් කිරීම් සහ මන්දගාමී අන්තර්ජාල සේවාවක් සම්බන්ධව දිගු ඉතිහාසයක් පවතින පසුබිමක Starlink වෙතින් මෙම පියවර ගෙන ඇත.