වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (05) දිනයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා.
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට ගැනීම සම්බන්ධව අවධානය යොමු කරමින් මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව මෙම හමුව එරට වේලාවෙන් හෙට පෙරවරු 10ට පැවැත්වීමට නියමිත අතර මේ සඳහා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රටවල් 15ක තානාපතිවරුන් මේ සඳහා සහභාගී වීමට නියමිතයි.
කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ සහ වෙනිසියුලානු විදේශ අමාත්‍ය ඉවාන් ගිල් දෙදෙනා විසින් ඊයේ හදිසි රැස්වීමක් ඉල්ලා සිටීමෙන් අනතුරුව මෙය සිදුවන බව සඳහන්.

