ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කරයි

ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට ලබාදී තිබූ කාලය ජනවාරි 31 දක්වා මසකින් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ගිනිඅවි බලපත්‍ර හිමි පුද්ගලයන්ට සහ ආයතනවලට ලබන 31 දක්වා සිය බලපත්‍ර අලුත් කිරීමට හැකි වනවා.

පැවති ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම කාලය දීර්ඝ කළ බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ.