රුපියල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 305.88 සිට රු. 306.12 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රු. 313.47 සිට රු. 313.71 දක්වා ඉහළ ගොස් තිබේ.