දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය අද (30) දිනයේත් පහළ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.
ඉන්දියාව දෙසින් එන දූෂිත වායූ හේතුවෙන් මෙලෙස ශ්‍රී ලංකාවේ ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය පහළ යන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වායු දූෂණ කළමණකාරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පැවසුවේ සංවේදී පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවය.
මේ අතර අද සවස් කාලයේ සිට පවතින තත්ත්වය ක්‍රමයෙන් පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

