ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කරයි

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර ඇත්තේ, 2025 දෙසැම්බර් මාසයට අදාළ විශ්‍රාම වැටුප් ලබාගැනීමේ කාලය 2026 වසරේ ජනවාරි 31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවය.

ඒ අනුව දෙසැම්බර් මස විශ්‍රාම වැටුප 2026.01.31 දින දක්වා වැඩ කරන දිනයන්හි අදාළ තැපැල් හෝ උප තැපැල් කාර්යාල මඟින් ලබා ගැනීමට ගොවි හා ධීවර විශ්‍රාම වැටුප්ලාභීන්ට අවස්ථාව හිමිවනු ඇත. 

දැනට ගොවි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන ගොවීන් සංඛ්‍යාව 178, 753 වන අතර, ධීවර  විශ්‍රාම වැටුප් ලාභීන් ප්‍රමාණය 6,312 ක් වනවා.