අද ඩොලරයේ වටිනාකම

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 305.80 සිට රු. 305.88 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අනුපාතය රු. 313.39 සිට රු. 313.47 දක්වා ඉහළ ගොස් තිබෙනවා.