හෙට සෙලෙන්ස්කි සහ ට්‍රම්ප් අතර තවත් හමුවක්

හෙට (28) ඇමරිකාවේ ෆ්ලොරිඩා හි දී යුක්රේන ජනපති සෙලෙන්ස්කි සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රුසියාවේ පූර්ණ පරිමාණ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙනුයි මෙහි දී සකක්ච්ඡා කිරීමට සැලසුම් කර ඇත්තේ.

එක්සත් ජනපදය මැදිහත් වූ සාම සැලැස්මක් සහ එක්සත් ජනපද ආරක්ෂක සහතික සඳහා වෙනම යෝජනා කෙරෙහි මෙම රැස්වීම අවධානය යොමු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව සෙලෙන්ස්කි පැවසුවා.

සෙනසුරාදා රාත්‍රියේ ද යුක්රේනයේ කියෙව් වලට රුසියානු ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ප්‍රහාර වලින් ජිවිත හානි සිදු ව ඇති ද යන්න පිලිබඳ මෙතෙක් තහවුරු කර නැහැ.