රතු නිවේදන ඉවත් කළත් අවදානම එලෙසමයි

නායයෑම් රතු නිවේදන ඉවත් කර තිබුණද තවමත් එම ස්ථානවල අවදානම පහව ගොස් නොමැති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

පවතින වැසි තත්ත්වයේ අඩුවීම මත රතු නිවේදන ඉවත් කළද නිලධාරීන් පැමිණ අදාළ අවදානම් ස්ථාන පරීක්ෂා කරන තෙක් ජනතාව එම ස්ථානවලට නැවත නොගොස් සිටි යුතු බවයි එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසලි සේමසිංහ මහත්මිය සඳහන් කළේ.

මේ වනවිට බදුල්ල, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක් සඳහා පළමු අදියරේ විමසිලිමත්ව සිටීමේ නිවේදන නිකුත් කර ඇත.

  විමසිලිමත් වන්න (කහ)

මහනුවර දිස්ත්‍රික්කය:

– උඩුදුම්බර
– ⁠මිණිපෙ
– ⁠මැදදුම්බර
– ⁠දොළුව⁠

නුවරඑළිය දිස්ත්‍රික්කය:

– ⁠වලපනේ
– ⁠හගුරන්කෙත
– නිල්දණ්ඩාහින්න
– ⁠මතුරට

බදුල්ල දිස්ත්‍රික්කය:

– ⁠සොරණාතොට 
– ⁠ලුණුගල 
– ⁠මීගහකිවුල 

කුරුණෑගල දිස්ත්‍රික්කය:

– ⁠රිදීගම

මාතලේ දිස්ත්‍රික්කය:

– ⁠රත්තොට
– ⁠අඹන්ගග කෝරළය
– ⁠උකුවෙල
– ⁠යටවත්ත
– ⁠පල්ලෙපොල