ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 04.00 දක්වා බලාත්මකයි

ඒ අනුව අනතුරු ඇඟවීමේ මට්ටම 1 ලෙස ,

*බදුල්ල දිස්ත්‍රික්කයේ,
ලුණුගල, මීගහකිවුල සහ සොරණතොට

*මහනුවර දිස්ත්‍රික්කයේ,
දොළුව, මිනිපේ, උඩුදුම්බර සහ මැදදුම්බර

*කුරුණෑගල දිස්ත්‍රික්කයේ,
රිදීගම

*මාතලේ දිස්ත්‍රික්කයේ,
උකුවෙල, අඹන්ගඟ කෝරළය, යටවත්ත, රත්තොට සහ පල්ලේපොල

*නුවරඑළිය දිස්ත්‍රික්කයේ,
වලපනේ, නිල්දණ්ඩාහින්න, හඟුරන්කෙත සහ මතුරට