රුසියාව දකුණු යුක්රේනයට එල්ල කරන ප්‍රහාර දැඩි කරයි

රුසියාව දකුණු යුක්රේන ඔඩෙසා කලාපයට එල්ල කරන ප්‍රහාර තීව්‍ර කර තිබෙනවා.

මෙම ප්‍රහාර හේතුවෙන් ප්‍රදේශයේ විදුලි සැපයුම ඇණහිට ඇති අතර සමුද්‍රීය යටිතල පහසුකම් වලට තර්ජනයක් එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඊයේ සවස එල්ල කළ ප්‍රහාරයෙන් වරායේ යටිතල පහසුකම් වලට සැලකිය යුතු හානියක් වී ඇති බවයි යුක්රේන නියෝජ්‍ය අගමැති ඔලෙක්සි කුලේබා පැවසුවේ.

ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ නැවත නැවතත් ප්‍රහාර එල්ල කිරීම රුසියාව විසින් යුක්රේනයේ සමුද්‍රීය සැපයුම් සඳහා ප්‍රවේශය අවහිර කිරීමට ගත් උත්සාහයක් බවයි.

දෙසැම්බර් මස මුලදී, කළු මුහුදේ රුසියාවේ “සෙවණැලි බලඇණියේ” ටැංකි නැව්වලට එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස යුක්රේනයේ මුහුදට ප්‍රවේශය කපා හරින බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මින් පෙර තර්ජනය කළා.

“සෙවණැලි බලඇණිය” යනු 2022 දී යුක්රේනය පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කිරීමෙන් පසු පැනවූ බටහිර සම්බාධක මඟ හැරීම සඳහා රුසියාව විසින් භාවිතා කරන ලද සිය ගණනක් ටැංකි නැව් සඳහා යොමු කරන යෙදුමකි.

එසේම පසුගිය සතියේ, ඔඩේසා හි නැගෙනහිරින් පිහිටි පිව්ඩෙනි වරායට එල්ල වූ බැලස්ටික් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 30 දෙනෙකු තුවාල ලැබුවා.