දෙසැම්බර් 29වනදා වනවිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ 06ක අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම ආරම්භ කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩබ්ලිව්. එම්. ටී. මධුජිත් මහතා පවසනවා.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ බලපෑම් හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදු වූවා.
ඒ අනුව වෛද්‍ය පීඨය, සම සෞඛ්‍ය පීඨය හා ඉංජිනේරු පීඨය, විභාග කටයුතු හේතුවෙන් දෙසැම්බර් 16වනදා යළි ආරම්භ කරනු ලැබුවා.
කෘෂිකර්ම පීඨය, පශු වෛද්‍ය පීඨය සහ දන්ත වෛද්‍ය පීඨය දෙසැම්බර් 29වනදාත්, ශාස්ත්‍ර පීඨය සහ විද්‍යා පීඨය ජනවාරි 5වනදාත් ආරම්භ කිරීමට නියමිත බවයි උපකුලපතිවරයා සඳහන් කළේ.
මේ අතර මෙම ආපදා හේතුවෙන් විශාලතම බලපෑම සිදු වූ කළමනාකරණ පීඨයේ එක් ගොඩනැගිල්ලකට ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොමු කිරීම අවදානම් සහිත වන අතර ඒ පිළිබඳව අධ්‍යනයක නිරත වන බව ද හෙතෙම සඳහන් කරනවා.
2024 උසස් පෙළ විභාගය සමත් වී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට තේරී පත් වූ නවක සිසු සිසුවියන් සඳහා අධ්‍යයන කටයුතු පෙර සැලසුම් කර තිබූ පරිදිම පෙබරවාරි 10වනදා ආරම්භ කරන බවද ඔහු මෙහිදී පැවසුවේය.
එසේම කළමනාකරණ පීඨයේ අනෙකුත් කණ්ඩායම් සඳහා ද අධ්‍යයන කටයුතු ක්‍රමානුකූලව ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා විශ්වවිද්‍යාලට සිදු වූ ඍජු හානිය රුපියල් බිලියන 4ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇති අතර අදාළ ඇස්තමේන්තුව උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත යොමු කළ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේවෙතත් විශ්වවිද්‍යාලය සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය හා මූල්‍යමය ආධාර ලබා දීමට යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සුදානම්ව සිටී නම් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියට අදාළ අංක යොමු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

