රුපියල තවත් පහළට

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 305.63 සිට රු. 305.72 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල රු. 313.24 සිට රු. 313.33 දක්වා ඉහළ ගොස් තිබේ.