මහවැලි ගඟ ආශ්‍රිතව ගංවතුර අවදානමක් නැහැ

මහවැලි ගඟ ආශ්‍රිතව මනම්පිටිය ගඟේ ජල මට්ටම ඉහළ මට්ටමක පැවතියත් එය ගංවතුර තත්ත්වක් දක්වා වර්ධනය වීමේ ප්‍රවනතාවයක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මහවැලි ද්‍රෝණියේ ඇතැම් ජලාශ වාන් දැමීම ආරම්භ කර ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ.

එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලය ජලාශයේ ජල මට්ටම කිසියම් ඉහළ මට්ටමක පැවතියත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ ජලාශවල වාන් දැමීම තත්ත්වයත්, සුළු වර්ෂාපතන තත්ත්වයක් පැවතියත් එම ජලාශයේ ජල මට්ටම් විශාල ලෙස වැඩිවීමක් පෙන්නුම් නොකරන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශ 36ක් ද මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 52ක් ද වාන් දැමීමේ කටයුතු තවදුරටත් සිදුවන නමුත් එම ජලාශ අනතුරුදායක මට්ටමක වාන් දැමීමක් සිදුනොවන බවයි වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කරන්නේ.