අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර යටතේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා.
මේ වනවිට ප්‍රතිලාභ ලබන නොලබන සියලුමදෙනාගේ තොරතුරු ඒ අනුව යාවත්කාලීන කෙරෙනවා.
ඒ අනුව මේ වන තෙක් තොරතුරු යථාවත් නොකළ සියලුදෙනාට පහත පරිදි එම තොරතුරු යාවත්කාලින කරන ලෙසයි දැනුම් දෙන්නේ,
* https://www.eservices.wbb.gov.lk වෙත පිවිස මාර්ගගතව තොරතුරු යථාවත් කළ හැකිය.
*අදාළ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා හෝ වසමේ අස්වැසුම විෂයභාර නිලධාරිවරයා හමුවී තාක්ෂණික සහාය ලබාගෙන මාර්ගගතව තොරතුරු යථාවත් කිරීම.
* අදාළ අයදුම්පත පුරවා තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයට ලබාදීම මඟින් තොරතුරු යථාවත් කිරීම.
*තමා අයත් ප්‍රදේශයේ පිහිටි සන්නිවේදන මධ්‍යස්ථාන වෙත ගොස් එහි තාක්ෂණික සහාය ලබාගෙන තොරතුරු මාර්ගගතව යථාවත් කිරීම.

