අභ්‍යවකාශ තරණයේ ඉතිහාසය අලුත් කිරීමට ජර්මානු අභ්‍යවකාශ ඉංජිනේරුවරියක් වන Michaela Benthaus සමත් වී තිබෙනවා.
ඒ Blue Origin හි New Shepard rocket එකෙන් අභ්‍යවකාශයේ කෙළවරට ගමන් කළ පළමු රෝද පුටු භාවිතා කරන්නිය බවට පත්වීමෙනි.
තිස්තුන් හැවිරිදි ඇය අභ්‍යවකාශයේ කෙළවරේ මිනිත්තු කිහිපයක් බර අඩු වීමක් (weightlessness) ඇතුළුව ආසන්න වශයෙන් මිනිත්තු 10 ක අභ්‍යවකාශ ගමන් අත්දැකීමක් ලබා ගෙන තිබෙනවා.
2018 දී සිදු වූ පාපැදි අනතුරකින් ඇගේ කොඳු ඇට පෙළට හානි වීම හේතුවෙනුයි ඇය රෝද පුටුවට සීමා වී ඇත්තේ.
“මට සැමවිටම අභ්‍යවකාශයට යාමට අවශ්‍ය විය, නමුත් එය මට ඇත්තටම කළ හැකි දෙයක් යැයි මම සිතුවේ නැහැ,” ඓතිහාසික ගුවන් ගමනට පෙර බෙන්තාස් පවසා සිටියා.

