රුපියල තවත් පහළට

සිකුරාදා දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 305.32 සිට රු. 305.34 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රු. 312.91 සිට රු. 312.94 දක්වා ඉහළ ගොස් තිබේ.