මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට පැය 15ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම කප්පාදුව සිදු කරන බවයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ.
ඒ අනුව ලබන බදාදා (17) දින ප.ව 4 සිට දෙසැම්බර් මස 18 වන දින පෙ.ව 7 දක්වා එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබෙනවා.

