ජෙමිනික්ස් උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව ලෙස හදුන්වන ජෙමිනික්ස් (Geminids) උල්කාපාත වර්ෂාව අද (13) රාත්‍රියේදී දැකගැනීමට හැකි බව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසනවා.

එම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිශාවෙන් මිථුන තාරකා මණ්ඩලය ආශ්‍රිතව දැකගත හැකි වනවා.

එහිදී පැයක් තුළ උල්කාපාත 150ක් පමණ දැකගත හැකි වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.