සියලුම මත්පැන් බලපත්ර ගාස්තු අද (12) සිට වහාම ක්රියාත්මක වන පරිදි 100%කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ ජනාධිපතිවරයා විසින් පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අනුවය.
ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව මේ වන විට නිකුත්ව තිබෙනවා.
ඒ අනුව වාර්ෂික සුරාබදු ගාස්තුව, කර්මාන්ත ගාස්තුව සඳහා එක්වරක් අයකරනු ලබන ගාස්තුව සහ ආරක්ෂිත ඇප තැන්පතු මුදල ඉහළ දමා ඇත.
එම සංශෝධන අනුව ගෙවීම් සිදු කළ යුත්තේ ලබන ජනවාරි පළමුවනදා සිට බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

