නායයෑම් හා නාය අවදානම් ස්ථාන 2377ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
මෙම විමර්ශන සඳහා දිස්ත්‍රික්ක 7කට යොදවා ඇති පරීක්ෂණ කණ්ඩායම් සංඛ්‍යාව 56කි.
මේ අතර මින් ස්ථාන 529ක් සම්බන්ධයෙන් අවසන් වාර්තා නිකුත් කර ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ ය.
නායගිය ස්ථාන චන්ද්‍රිකා ඡායාරූප මගින් හඳුනා ගැනීමේ වැඩපිළිවෙලක්ද මේ වනවිට ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කළේ.

