ජපානයේ තවත් ප්‍රබල භූ කම්පනයක්, යාලිත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ජපානයේ ඊසානදිග කලාපයට රික්ටර් මාපකයේ 6.7 ක භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) විසින් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.

අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් එරට වේලාවෙන් පෙ.ව. 11:44 ට පමණ මෙම භූ කම්පනය හට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

එම කලාපයේම රික්ටර් මාපකයේ 7.5 ක විශාල භූමිකම්පාවක් ඇති වී දින කිහිපයකට පසුවයි මෙලෙස මෙම භූ කම්පනය හට ගෙන ඇත්තේ.