නව උසස් පෙළ කාලසටහන නිකුත් වෙයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා වූ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් අද (10) පස්වරුවේ නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව පැවැත්වීමට නොහැකි වූ විෂයන් 2026 ජනවාරි මස 12 වනදා සිට ජනවාරි 20 වන දින දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර ආපදාවට ලක්වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම්, තම පාසලේ විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතු බවද එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව විදුහල්පතිවරුන් තම විදුහලේ ආපදාවට ලක් වූ අයදුම්කරුවන් සිටී නම් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) දැනුවත් කළ යුතු වෙනවා.

එසේම ආපදාවට ලක් වූ පෞද්ගලික අයදුම්කරුවන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් පහත දුරකතන අංක මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් දැනුම්වත් කරන ලෙසත් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ක්ෂණික දුරකතන අංකය – 1911

දුරකතන අංක – 0112784537, 0112786616, 0112784208

ෆැක්ස් අංක – 0112784422

විද්‍යුත් තැපෑල – gcealexam@gmail.com

සංශෝධිත විභාග කාලසටහන පහතින්,