රුපියල ඉහළට

බදාදා දිනයට සාපේක්ෂව අද (දෙසැම්බර් 05) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 305.04 සිට රු. 305 දක්වා අඩු වී තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රු. 312.62 සිට රු. 312.57 දක්වා පහත වැටී තිබෙනවා.