වගාහානි පිළිබඳ දැනුම් දීමට දුරකථන අංකයක්

දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්වී සිටින ගොවීන්ගේ වගාහානි පිළිබඳ දැනුම් දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 1918 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් වගා හානි පිළිබඳ ගොවීන්ට ඉතා පහසුවෙන් දැනුම් දිය හැකි බවයි දැනුම් දෙන්නේ.

දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වු ගංවතුර හා නායයෑම් හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක වගා භූමිවලට හානි සිදු වුණා.

අදාළ වගා සඳහා හානි පූර්ණය කිරීමේ අපේක්ෂාවෙන් මේවන විට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වගා හානි පිළිබඳ දත්ත එක් රැස්කිරීම ආරම්භ කර ඇති අතර එහි එක් පියවරක් ලෙසයි මෙම අංකය හඳුන්වා දී ඇත්තේ.