චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පනයක්

චීනයේ ෂිජියැං ප්‍රදේශයට රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ. 

මෙම භූ කම්පනයේ බලපෑමෙන් කිසිදු ජීවිත හෝ දේපල හානි පිළිබඳ වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ටුම්ක්සුක් ප්‍රාන්තයේ කිලෝමීටර් 10 (සැතපුම් 6.2) ගැඹුරින් මෙම භූමිකම්පාව වාර්තා වී තිබෙනවා.