විශ්වවිද්‍යාල සිසුන්ට සඳහා අමතර මහපොළ වාරිකයක්

විශ්වවිද්‍යාල සිසුන්ට සඳහා අමතර මහපොළ වාරිකයක් ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මුළු දිවයිනට ම බලපා ඇති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු අපහසුවෙන් තොර ව නැවත ආරම්භ කිරීම අරමුණු කර ගෙන මීට පෙර පසුගිය 28 වනදා ද මහපොළ වාරිකයක් ගෙවීමට කටයුතු කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඊට අමතරව ගෙවීමට තීරණය කළ මහපොළ වාරිකය එළැඹෙන 05 වනදා ගිණුම්වලට බැර කිරීමට නියමිතයි.