චීනයෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදුකිරීමට චීන රජය තීරණය කර තිබෙනවා .

මීට අමතරව චීන යුවාන් කෝටියක් වටිනා ද්‍රව්‍යමය පරිත්‍යාගයක් සිදුකිරීමට නියමිත බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දැනුම් දෙනවා . 

චීන ජනතාව සැමවිටම ශ්‍රී ලාකීය සහෝදර සහෝදරියන් සමග සිටින බවයි සමාජ මාධ්‍ය සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ